මෙරට වට්ස්ඇප් භාවිතා කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

May 16, 2021 at 11:04 AM

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වට්සැප් පරිශීලිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට වට්සැප් පණිවිඩයක් ලැබුණහොත්, ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුනහොත් ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

තම වට්සැප් ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා ‘Two factor authentication’ සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වට්සැප් පරිශීලකයින්ට දැනුම් දෙයි.