හෙට හදිසි දුම්රිය වර්ජනයක්

May 16, 2021 at 11:20 PM

ශ්‍රී ලංකා දුම්රිය එංජින් රියැදුරන් සහ ආරක්ෂක නියාමකයින් විසින් හෙට දිනයේ හදිසි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹිමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

හදිසියේ ඇතිවූ මෙම තත්ත්වය සමග හෙට දිනයේදී මගීන් ගේ පහසුව තකා අමතර ලංගම බස් රථ ධාවනයට එක් කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය සේවා රාජකාරියට කැඳවා ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා හෙට දිනයේදී මහනුවර, මහව, හලාවත, රඹුක්වැල්ල සහ බෙලිඅත්ත සිට ධාවනය කිරීමට නියමිතව තිබු විශේෂ දුම්රිය ගමන් වාර 05ක් ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මිට පෙර නිවේදනය කර සිටියා.