නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඊයේ රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 7 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය ප්‍රදේශයේදී මෙම උත්සවය පවත්වා ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ පිරිස ඔවුන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කලේ.
අත්අඩංගුව ගනු ලැබූ එක් සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.