කොවිඩ් -19 වෛරසයේ රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම සුදුසු නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ කොවිඩ් රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් එන්නත ලබා ගැනීම නිශ්ඵල ක්‍රියාවක් බවයි.
“යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. මොකද දැනටමත් ඔහුගේ ශරීරය තුළ වෛරසය තිබෙන නිසා. ඒ නිසා දැනට නිරෝධායනය වෙන අය සහ ආසාදිත වෙයි කියලා සැක කරන අයට මේ එන්නත් ලබාදීම අපි ප්‍රමාද කරනවා. කොවිඩ් රෝග ලක්ෂණ වසන් කරලා එන්නත ගැනීමෙන් ද ප්‍රයෝජනයක් නෑ. එය සුදුසු නෑ.”
කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙම අදහස් පළ කර සිටියා.