ගතවූ පැය 24 තුල වාර්තා වූ ආසාදිතයින් අනුව කොවිඩ් ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් රට මැද දක්වා වර්ධනය වන ආකාරය පෙනෙන්නට තිබේ.
බස්නාහිර ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ඇතත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමක් දක්නට නොමැත.
ඊයේ සමස්ත ආසාදිතයින් 2386ක් වාර්තා වී ඇත්තේ විදෙස්ගතව සිට පැමිණි 15ක් ද සමගිනි.
බස්නාහිර පළාතේ ආසාදිතයින් සංඛ්‍යාව 782කි.
කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 277ක් දක්වා අඩුවී තිබේ.
කතාබහට ලක්වූ පිලියන්දල ප්‍රදේශයේ ආසාදිතයින් සංඛ්‍යාව 9 දක්වා අඩුවී ඇත.
කළුතර 184 බවට පත්ව ඇත්තේ පානදුර දකුණු ප්‍රදේශයේ ආසාදිතයින් 84ක් ද සමගයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 321කි.
සෙසු දිස්ත්‍රික්ක වල ආසාදිතයින් වාර්තා වීම මෙසේයි.
නුවරඑළිය 288
මහනුවර 338
මාතර 108
අනුරාධපුර 98
රත්නපුර 94
පුත්තලම 81
මෙරට වැඩිම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශය වන්නේ නුවරඑළිය ප්‍රදේශය වන අතර එම සංඛ්‍යාව 173කි.