2009 වර්ෂයේදී නවසීලන්ත කණ්ඩායම සමග පුහුණු තරගයක් NCC ක්‍රිඩාන්ගනයේ පැවැත්වෙන ලදී, එහිදී ටෙස්ට් තරගයට පෙර මටද එම තරගය ක්‍රීඩා කිරීමට සිදු විය. එහිදී අප නොදන්නා, අසා නොතිබූ පුංචි කොලුගැටයෙක් ලකුණු 100ක් ලබා ගන්නා ලදී, ඔහු නමින් දිනේෂ් චන්දිමාල් ලොකුගේය.
ඔහු තම ශතකය ලබා වන්න විට මට අනික් අන්තයේ සිට ලකුණු 73ක් ලබා ඔහුට සහය දීමට හැකි විනි, ඔහු පිතිකරනයේ යෙදෙන විට අනවශ්‍ය පහරවල් වලට යන විට ඔහුට බැනවැදුන ආකාරය තවමත් මතකය, එයින් නොනැවතු ඔහු අවුරුද්දක් ඇතුලත තමන්ගේ ස්ථානය ජාතික කණ්ඩායමේ තහවුරු කර ගන්නා ලදී. ඉන්පසු ජෙෂ්ටයන් සමග එක්වී තමාගේ ස්ථාවරත්වය ගොඩ නැගීමට ඔහුට හැකි විය.
ඔහු කෙමින් කෙමින් දක්ෂතා දක්වමින් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයට හිමි කර ගන්නා ලදී. මේ වන විට තරග දිනවන ඉනිම් ක්‍රීඩා කිරීමට මොහු හැකි විය. නමුත් 2014-2015 වන විට ඔහුගේ අසාර්ථකත්වය මත ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය. ඔහු නැවතත් කණ්ඩායමේ ස්ථාවරත්වය තහවුරු කර ගනු ලබන්නේ ක්‍රීඩා සමාජයට ගොස් එහිදී ලකුණු රැස් කර සුපුරුදු රිද්මයට පැමිණි පසුවය.
ඉන්පසු ඇන්ජීගේ නායකත්වයෙන් පසු නිත්‍ය නායකත්වයට පැමිනිමීටද ඔහුට හැකිවිය. පසුව ඔහුට නායකත්වයද අහිමිවී අවුරුද්දකට ආසන්න කාලයක් නැවතත් කණ්ඩායමේ ස්ථානය අහිමි විය, පෙර පරිදිම එයින් පසු නොබැසූ ඔහු නැවතත් තමුන් කවුරුන්දෝ යන්න ක්‍රීඩා සමාජ තරග ක්‍රීඩා කර පෙන්නවන ලදී, එහි දැක්වූ දක්ෂතා මත නැවතත් තම ස්ථානය ජාතීක කණ්ඩායමේ සොය ගන්නා ලදී.
ඔහු අසාර්ථකවූ හැම විටම දක්ෂතා පෙන්නමින් තම ස්ථානය උපයා ගන්නා ලදී, මෙහිදී මා හට දැකගත හැකිවූ සහ ඔහුගෙන් අපටම ගත හැකි පාඩම් ඇත, ඒ වුකලි අප්‍රතිහත දහිර්ය සහ තමන් අසාර්ථකවූ විට නැවතත් තම ස්ථානය ලබා ගැනීමට ඔහු තුල තිබු ඒ සටන්කාමිත්වයයි. ජීවිතය 0( බින්දුවෙන්) වෙන් අරඹා, සුනාමියෙන් සියලුදේ අහිමිවල තුල තමාගේ ජීවිතයේ සාර්ථකත්වය ළගා කර ගැනීම තුලින්ම ඔහු තුලින් අපට ලබාගත හැකි පාඩම් බොහෝය.
ඔහුට මුල මතකය, අතීතය ගැන මතක් කරනුයේ අව්‍යාජවය. ඔහු ඔහුගේ අතීතය මතක් කිරීමට අකමැති නැත. තමන්ට උදවු කල සැම කෙනාම ඔහුට මතකය, ඔහු ඉණිමගෙන් ඉහලට නැග කිසිවිටක පයින් ගැසුවේද නැත, කිසිවකු කිසිවිට හිතාමතා අසාර්ථක වෙන්නේ නැත, අසාර්ථකවූ හැම විට ඔහු නිහඩව පිළිතුරු ලබා දුන්නේ පිත්තෙනි. අප ආසම දෙය අපගේ රැකියාව කර ගැනීමට අප ලද භාග්‍යකි. අප සියලුමදෙනා දක්ෂතා අතර සිටිය යුතුය.
ඔවුනට වේතනයක් ලැබෙන්නේ මේ අපගේ රැකියාව නිසාමය. නමුත් සමහරුන්ගේ නොදැනුවත් කම නිසා කියන මේ දෙයද නිවැරදි කල යුතුය, අපට ගෙවනු ලබන්නේ ICC ( අන්තර් ජාතීක ක්‍රිකට්) සබහාවෙන් ගෙවනු ලබන මුදලින් මිසා ජනතාවගේ බදු මුදලින් හෝ රජයෙන් නොවන බව, එමනිසා ඕනිම කෙනෙකුට ක්‍රීඩකයන් විවේචනය කිරීමට අයිතියක් ඇත, හොද නරක කීමට අයිතියක් ඇත.
නමුත් හැම විටම අප හැම දෙයම තර්කානුකුලව සංසන්දනය කල යුතු වේ. අපට ජිවිතයට පාඩම් ගත හැකි අයගෙන් අප ඉගෙන ගත යුතුය. ඔහු සමාජයට, බාල පරම්පරාවට දෙනු ලබනුයේ කදිම ආදර්ශයකි, එනම් ඔබ මොන මට්ටමේ සිටියත් ඔබට් ආශාවක් ඇත්නම් ඔබට ජීව්තය ජය ගත හැකි බවයි.
ඔහු තවමත් 31 හැවිරිය, ඔහු නමට ශතක 15ක් මේ වන විට ඔහු ලියා ගෙන හමාරය, ඉතින් මෙවැනි දක්ෂයන් රැක ගැනීම ඔබ, අපගේ යුතුකමක් ලෙස මා සිතමි, මොහු අසාර්ථක විය, ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි විය, නමුත් කිසි විටක ඔහු පැත්තකට විසික් කල නොහැක. මන්දයත් ඔහු වැනි කෙනෙකු අපරැක ගත යුතුය. ඔහු නැවතත් ඔහුගේ ස්ථානය උපයා ගන්නා බවද මම හොදින් දනිමි, එයට හේතුව වනුයේ ඔහුගේ සටන්කාමීත්වය සහ අප්‍රතිහත දහිර්යයි. දක්ශ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මේ වන විට දක්ෂතා අතර සිටි, ඔවුන්ට අවස්ථාවක් දිය යුතුය.
නමුත් මෙවැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් අයාලේ විසි කර දැමීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් සුබ දායක නොවනු ඇත. අත්දැකීම් අවශ්‍ය වනුයේ අප හොද කණ්ඩායම් සමග ක්‍රීඩා කරන විටය, එමනිසා තරුණ ක්‍රීඩකයන් හා මොවුන් ක්‍රීඩා කිරීම තුලින් අපට අනාගතයේ සාර්ථක කණ්ඩායමක් නිර්මාණය කර ගත හැකිය. අප නුවන් කුලසේකරගෙන්, ලසිත් මාලිගෙන්, උපුල් තරන්ග ගෙන් අපගේ තරුණ පරම්පරාවට ඒ අවශ්‍ය අත්දැකීම් ලබා ගත්තාදෝ නැතිනම් නැත්ද යන්නයි මට තවමත් ප්‍රෙහෙලිකාවකි. එය එසේ වූවානම් තත්වය මීට වඩා සුබදායක වීමට ඉඩ තිබිණි.
එසේ වූවානම් ඔවුන්ගේ අත්දැකීම් තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වලට මහගු රුකුලක් වීමට ඉඩ තිබිණි, දන් සිටින ජෙෂ්ටයන් අප රැක ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාවර කල ගත යුතු බව මාගේ මතයයි, ඇන්ජි, දිමුත්, සුරන්ග, නුවන්, දිල්රුවන්, තිරී, රොෂේන් සහ චන්දි වැනි ක්‍රීඩකයන් රැක ගැනීම තුලින් අපගේ ක්‍රිකට් ස්ථාවර මට්ටමේ තබා ගත හැකි බව මාගේ විශ්වාසයි. එමනිසා නවකයන් සමග හැමව්ටම මොවුන් සංකලනය කිරීම තුලින් වඩාත් හිතකර ප්‍රතිපල අපට ලබා ගත හැකි බවද විස්වාස කරමි.
කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනංජය, දික්වැල්ල, ධනුෂ්ක, දසුන් සමග අවිශ්ක , පැතුම්, ඔෂද ඇතුළු අනික් නවකයන් යොමු කිරීම තුලින් නවකයන්ට හට අත්දැකීම් ලබා ගත හැකි බවට නොරහසකි, අපට පළපුරුදු දක්ෂ ක්‍රීඩකයන් ඇත ඔවුන් රැක ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ස්ථාවර කිරීම මුලිකම කරුණ වේ. එමනිසා අනාගතය සදහා සාදනු ලබන පිබුරුපත් ඉතාමත් හොදය, නමුත් අනාගතය මෙන්ම වර්තමානය ගැනද අප අවදානය යොමු කල යුතුය.
අද අප වර්ගීකරණයන් තුල සිටින ස්ථාන ගැනද අවදානය යොමු කල යුතුය. අද අපට මාලි,කුලේ, උපුල් , තිසර නැත. නමුත් ඉන්නාවූ මේ දක්ෂයන් නිවැරදි දැක්මක්, කළමනාකරත්වය තුලින් රැක ගැනීම තුලින් අප රටේ ක්‍රිකට් රැක ගත හැකි සේම, අනාගතයද සුරක්ෂිත කර ගත හැකි බව මාගේ මතයයි, තරග නරඹන ක්‍රීඩාවට ආදරය කරනු ලබන පිරිස වෙනුවෙන් මේ ක්‍රීඩාව රැක දීම, රැක ගැනීම අප සතුය, කවුරුන් පරිපාලනයට ආවත්, කවුරුන් තේරීම් කමිටුවට ආවත් කල යුත්තේ ක්‍රීඩාව රැකීම මිස තමන්ට කැමති දේ කිරීම නොවන බව මතකයේ තබා ගත යුතුය.
අබිනවයෙන් පත්වූ සියලුම දෙනාට සුබ පතන අතර, ඔවුනට අපගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහලින් ඔසවා තැබීමට හැකිවේවායැයිද විශ්වාස කරමි. එලෙසෙම ක්‍රිකට් ක්‍රිඩාව ගැන විශ්ලේෂණය කර ලිපි ලියනු ලබන උගත් ප්‍රේක්ෂකයන් කිසි විටක ඒක පාර්ශවීක නොවී මද්යස්තව තමන්ගේ දැනුම, විවේචනද ඉදිරිපත් කරනු ඇතයිද විශ්වාස කරමි.( මට දැනුන දේ වචන බවට පත් කෙරුණු මිසා, කිසිවකුට ඍජුවම හෝ කිසිම විවේචනයක් එල්ල කොට නොමැත, මන්ද මට ක්‍රිකට් වලට වඩා කිසිම කෙනෙකු වටින්නේද නැත, එමනිසා එසේ විනම් සමාවද අයැද සිටිමි)