නිරෝධායන නීති නොතකා අවුරුදු උත්සවයක් පැවැත්වූ ඇඟලුම් කම්හලක 33 දෙනෙකුට කොරෝනා

May 15, 2021 at 8:52 AM

නිරෝධායන නීති නොතකා අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට සිදු කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම ඇඟලුම් කම්හලේ සේවය කරනු ලබනවා.

අවුරුදු උත්සවය පැවැත්වීමෙන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබේ.