කොවිඩ් ආසාදිතව සිටි ගර්භනී මවක් මියයයි : සිසේරියන් සැත්කමකින් බිලිඳාගේ ජීවිතය බේරා ගනියි

May 14, 2021 at 9:23 PM

මෙරට තෙවන කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තා මරණය කුරුණෑගල රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක් බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොවිඩ් ආසාදිතව මව මියගියත් කුසේ සිටි දරුවා සිසේරියන් සැත්කමකින් බිලිඳාගේ ජීවිතය බේරා ගැනීමට කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.