සංචරණ සීමා පනවා ඇති කාලසීමාවේද ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටළු නිරාකරණය කරගැනීමට දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවයි

May 14, 2021 at 8:50 PM

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක ම සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී, මුහුණ පෑමට සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.

එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය සමඟ සම්බන්ධ කර ඇත. ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මහජනතාවට යම් ගැටළුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය. එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටළුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.

එක් එක් දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ කාර්යාලයීය හා ජංගම දුරකථන අංක පහත දක්වා ඇත.