පෑලියගොඩ විශේෂ විමර්ශනඒකකය භාරයට ගෙන සිටි අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා නොහොත් කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත.
අද අළුයම මීරිගමදී ස්නයිපර් අවියක් පෙන්වීමටගිය අවස්ථාවේදී ඔහු පළායාමට තැහ් කර ඇත.
ඒ මීරිගම රේන්දපොල ප්‍රදේශයේ දීය.
එහිදී වෙඩි තැබීම සිදුකල බව වාර්තා වේ.
පොලිස් පරීක්ෂකවරයෙකුද මෙහිදී තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් විශේෂ පරීක්ෂණයක් කැඳවා ඇත.
මීට අමතරව අධිකරණයට කරුණු වාර්තා කොට මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂය සිදු කෙරෙනු ඇත.
කොස්ගොඩ තාරක 34 හැවිරිදි අයෙකු වන අතර මනුෂ්‍ය ඝාතන 4ක් හා මංකොල්ල කෑම් 21කට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබිණ.
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සැලක් කොල්ලකෑමේදී පොලිස් නිලධාරියෙකු ඝාතනය සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.