බෝට්ටු මගින් ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි තවත් පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයාට පහසුකම් සැපයූ සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගුවන් මගින් ගොස් ඇති මෙම පුද්ගලයා නීතිවිරෝධිව කුඩා යාත්‍රාවකින් මන්නාරම ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටිය දී නාවික හමුදාව එම යාත්‍රාව හඳුනා ගන්නා ලදී.
ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයා යාපනයේ පදිංචිකරුවෙකු වන අතර සෙසු සැකකරුවන් සිව්දෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් 05දෙනා ම නිරෝධායන කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත භාරදුන් බව නාවික හමුදාව සඳහන් කරයි.
මීට පෙරද ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කාන්තාවන් දෙදෙනෙකු හා දරුවන් දෙදෙනෙකු මෙරටට පළාවිත් සැඟවී සිටියදී පොලිස් භාරයට ගැණින