ගතවූ දිනයේ කොවිඩ් වාර්තාව. කොළඹින් 755ක් ,කැස්බෑව පිලියන්දල ඉතා අවදානම් වේ.

May 10, 2021 at 8:16 AM

ගතවූ දිනයේහී කොවිඩ් ආසාදිතයින් 2672ක් ලෙස මෙරට ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා විය.

ඉන් 755 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් ය.

මෑතක දී කතාබහට ලක්වූ පිලියන්දල ප්‍රදේශයේ ආසාදිතයින් 180ක් සහ

කැස්බෑවෙන් ආසාදිතයින් 180ක් බැගින් ඒ අතර වාර්තා වේ.

බස්නාහිර පළාතේ කොළඹ ,ගම්පහ ,කළුතර සියලු දිස්ත්‍රික්ක මෙන්ම මහනුවර ගාල්ල පොලොන්නරුව හා රත්නපුර දිස්ත්‍රික්කය ද අවදානම් තත්ත්වය ට පත්ව තිබේ.

පිලියන්දල සහ කැස්බෑව හැර සෙසු ප්‍රදේශ බහුතරයකින් ආසාදිතයින් වාර්තාවන්නේ ප්‍රදේශයකට 50කට ආසන්න සංඛ්‍යාවක් බැගිනි.

ඒ අනුව
පොලොන්නරුව 94, මහනුවර 77,හෝමාගම 51, මිනුවන්ගොඩ 51, කරාපිටිය 53, ඇහැලියගොඩ 55
ක් ලෙස වාර්තා වී ඇත .