ෆයිසර් එන්නත රටතුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටියේ,
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට මතුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ.
“අද අපිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීම අපහසු වෙලා තියෙනවා. මුදල් තිබුණත් ගන්න බැරි ප්රශ්නය තියෙනවා. ඉන්දියාවේ වර්තමාන තත්ත්වයත් සමග සීරම් ආයතනයට ඔවුන්ගේ සැපයුම් දීගන්න බැරිවෙලා තියෙන්නෙ. සීරම් ආයතනයේ සභාපති රටෙන් පැනලා. ඔහුට තියෙන මරණ තර්ජන නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වෙලාවේ අර්බුදයක ඉන්නේ.”