නගරාන්තර දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මේ අතර පෙ.ව 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය 2021.05.09 හා 2021.05.15 යන දිනයන් හි ධාවන වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම අංක 1001 / 1002 දුම්රියන් සඳහා ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් සඳහා අංක 1005 හා 1006 දුම්රියන් හි ගමන් පහසුකම් සලසා හැකි බවත් ඒ සඳහා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දුම්රිය 2021.05.01 , 02, 08,13, 14 සහ 15 යන දිනයන් හි පෙ.ව 6.30ට ගමන් ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවලංගු කරනු ලබන දුම්රිය ගමන් වාර සම්බන්ධයෙන් තොරතුරු පහතින් දැක්වේ: