කොවිඩ් නිව්මෝනියාවෙන් සිදුවන මරණ ඉහළ යාමේ අවදානමක්.

April 29, 2021 at 10:44 PM

ගතවු දින තුන තුළ වාර්තා වූ කොවිඩ් මරණ වලින් 75%ක් ම කොවිඩ් නිව්මෝනියාවෙන් සිදූවූ මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනවල දැක්වේ .

පසුගිය 27 වැනිදා මරණ අටක් වාර්තා වූ අතර ඉන් හයක්ම කොවිඩ් නිව්මෝනියාවෙන් සිදුවූ ඒවාය.

ඊයේ  එනම් 28 වැනිදා සිදු වූ මරණ හයෙන් හතරකටම හේතුව ද කොවිඩ් නිව්මෝනියාව ලෙස දැක්විණ.

අද 29 දාත් කොවිඩ් මරණ හයක් වාර්තා වූ අතර ඉන් පහක් ම කොවිඩ් නිව්මෝනියාවෙන් සිදුවූ ඒවාය.

මේ අනුව දින තුනක් තුළ වර්තා වූ මරණ 20න් 15කටම හේතුව කොවිඩ් නිව්මෝනියාව යි.

මේදිනවල රට පුරා පැතිර යන බ්‍රිතාන්‍යය වෛරස ප්‍රභේදයේ ලක්ෂණයක් වන්නේ එමගින් නිව්මෝනියාව හටගැනීමේ අවදානම ඉහළ යාමයි.

රෝගලක්ෂණ පෙන්නුම් නොකළත් බොහෝ දෙනෙකුගේ පෙනහළු ආසාදිත වී ඇතිබව වෛද්‍යවරුන් පවසයි.

මෙම වෛරස ප්‍රභේදය ආසාදිත බොහෝ දෙනෙකුට දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර අවශ්‍ය වන්නේ සහ ඔක්සිජන් ලබා දීමට සිදුවන්නේ එමගින් ශ්වසන පද්ධතිය ට වන බලපෑම ඉහල යන නිසා බව වෛද්‍ය මතයයි.

රෝගලක්ෂණ මතුවන වහාම සහ ස්වයං පරීක්ෂණ වලින් පෙනහළු දුර්වල බව වැටහේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පැතීම සහ කොවිඩ් පරීක්ෂණ වලට යොමුවීම වැදගත් වන්නේ එබැවිනි.