සමාජ මාධ්‍යට අසත්‍ය තොරතුරු දැමු ගම්පොළ තරුණයෙකු අත්අඩංගුවට

April 29, 2021 at 8:37 AM

බුද්ධි අංශ විසින් ලද තොරතුරක් අනුව සමාජ මාධ්‍ය වෙත අසත්‍ය තොරතුරු මුදාහළ ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

කොවිඩ් වෛරසය මෙරට තුල ව්‍යප්ත වෙමින් පවතින පසුබිමක සහ රටේ ජාතින් අතර අනවබෝධයක් සහ වෛරී හැගීම් පැතිරවීමට සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු ප්‍රචාරය දඬුවම් ලැබිය හැකි වරදක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

අත්අඩංගුවට ගනු ලැබූ තරුණයාගේ ජංගම දුරකථනයද පොලිසිය භාරයට ගෙන ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.