ජේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. කිංස්ලි රත්නායක පසුගිය සතියේදී තමන් දශක 03 කට ආසන්න කාලයක් සේවය යෙදුනු සිරස මාධ්‍ය ජාලයෙන් ඉල්ලා අස්වූවා.
ඒ අනුව ජේෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අනියුක්තව කටයුතු කරනු ඇති.
ඉකුත් සතියේදී ජේෂ්ඨ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත් කෙරුණා.