ආසාදිතයින් හමුවන ප්‍රදේශ පෙර දැනුම් දීමකින් තොරව හුදෙකලා කරනවා – යුද හමුදාපති

April 29, 2021 at 8:57 AM

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව සූදානම් විය යුතු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මීට පෙර අවස්ථාවලදී කල්තියා දැනුම් දී හුදෙකලාවන් සිදුකළද මෙවර කොවිඩ් ව්‍යාප්තිය සමග කල් ලබාදීමකින් තොරව හුදෙකලා කිරීමට සිදුවන බවද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.

කෙසේ වුවත් රටම ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් මේ වන විට නොමැති බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.