බදුර්දීන් සහෝදරයින් දින 90ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

April 27, 2021 at 7:58 AM

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදුර්දීන් දින 90 ක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ප්‍රහාරය එල්ල කළ ස්වයං ඝාතකයින් සමග සම්බන්ධකම් පැවැත්වීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් බදුර්දීන් සහෝදරයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටියි.