18 හැවිරිදි තරුණියක් ද ඇතුළු කොවිඩ් මරණ 04ක් වාර්තා වෙයි

April 24, 2021 at 11:22 AM

ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 638ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.

ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතර වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වන තරුණියක් ද ඇතුලත් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කරන්නේ. කොවිඩ් නියුමෝනියාව සහ හෘද රෝගී තත්ත්වය මරණයට හේතුව ලෙස දක්වා ඇත.