2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා කොළඹ බෞධාලෝක මාවතේ පිහිටි නිවසේදී සහ රියාජ් බදුර්දීන් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන්ට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.