ශ්රි ලංකාවේ අධිවේගී මාර්ගය පද්ධතියට මෑතක දී එක් වූ නවතම මාර්ග ආරක්ශක පද්ධතිය ලෙස Advanced Warning system හදුන්වාදිය හැකිය.
මෙම පද්ධතිය අධිවේගී මාර්ගය තුල නිතර අනතුරු සිදුවන ස්ථාන ලෙස හදුනාගත් ප්රදේශ කිහිපයක දැනට ස්ථානගත කර ඇති අතර මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම ස්වයංක්රීයව ක්රියාත්මක වේ.
අධික වර්ෂාව පවතින අවස්ථාවකදී අන්තර්හුවමාරු අසල ඇති VMS පුවරු මගින් වේග සීමා පිළිබඳ දැනුවත් කලද මෙම නවතම පද්ධතිය මගින් අනතුරු සිදුවිය හැකි ස්ථාන ලෙස හදුනාගත් ස්ථානයට මීටර් 100පෙර මෙම දැනුවත් කිරීම කරනු ලැබේ.
Advanced Warning system මගින් වේග සීමා පාලනය කිරීමේදී වැසි සහිත අවස්ථාවකදී වර්ෂාවේ සිග්රතාවය අනුව වේගය පාලනය ස්වයංක්රීයව සිදු වේ.
විනාඩි දෙකක් තුල මිලිමීටර් 1 හෝ 2 ක වර්ශාපතනයකදී වේගය 80 Kmph
විනාඩි දෙකක් තුල මිලිමීටර් 3 හෝ 4ක වර්ෂාපතනයකදී වේගය 70Kmph
විනාඩි දෙකක් තුල මිලිමීටර් 4ට වැඩි අවස්ථාවකදී වේගය 60Kmph වේ.
තද වර්ෂාපතනයක් අවසානයේ මාර්ගය යථාතත්වයට පත් වන තෙක් විනාඩි 15ක් දක්වා කාලයක් එම වේග සීමාව ක්රියාත්මක වේ.
මීට අමතරව අධිවේගී මාර්ගය තුල ජ්ලනය වන ( Blinking Light ) පද්ධති කිහිපයක් ස්ථාපනය කර ඇති අතර ඒකාකාරී ගමනාගමනයක නිරතවන රියදුරන්ගේ අවධානය වෙනස් කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. විශේෂයෙන්ම කෙටි වංගුවක් සහිත ස්ථානවල මෙම පද්ධති ස්ථාපනය කර ඇත.
මෙම නවතම පද්ධතිය අධිවේගී මාර්ගය තුල ස්ථාපනය කිරීමෙන් පසු මෙම ස්ථාන වල සිදුවන අනතුරු 99%ක් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති නිසා මෙම පද්ධතිය අධිවේගී මාර්ගයට ඉතා වැදගත් වී ඇත. මීට අමතරව දැනට අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ ඒකකයේ විදුලි කාර්මික අංශය හා පරිගණක අංශය මගින් මෙම පද්ධතිය නිරික්ෂණය කරන අතර තොරතුරු හා මෙහෙයුම් කටයුතු ගැලණිගම ප්රධාන පාලන මැදිරිය මගින් සිදු කෙරේ..