පසුගිය ජනවාරි මස නව වැනි දා ඉවත් කරන ලද යාපනය සරසවියේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරීමෙන් පසු අද විවෘත විය.
එම ස්ථානයේ පෙර ඉදිකර තිබුණේ මෙම ස්මාරකයයි.
නමුත් පසුගිය ජනවාරි 9 දා එය ඉවත් කෙරුණු අතර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඊට එරෙහි උපවාසයක් ද ආරම්භ කළ අතර පසුව අදාල ස්ථානයේදීම නව ස්මාරකයක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කළ පසු උපවාසය අතහැර දැමිණ.