කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන හහරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එහි ගියේය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද දන්වා ඇතැයි ඊයේ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරු පවසා සිටි අතර ඔහු අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතිබවටදඑහිදී මත පළ විය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගිය 21දා පාර්ලිමේන්තුවේ දී පැවැති ගැටුම්කාරී තත්ත්වය ටද මැදිවූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් පත් කරන බව කතානායකවරයා සඳහන් කර තිබේ.