පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේ දි ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාද වන බව පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40, 52ක් හා 55ක් වන බව ද වාර්තා වේ.
සැකකරුවන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ.