සති අන්තයේ කිසිදු අන්දමකින් සංචරණ සිමා පැනවීමක් සිදුනොකරන බවත් මහජනතාව වත්මන් කොවිඩ් අවධානම හේතුවෙන් අවධානයෙන් යුතුව සිටිය යුතු බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
ශ්‍රී ලංකාව තුළට නව කොවිඩ් ප්‍රභේදයක් පැමිණ ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කර සිටිනවා.
නව කොරෝනා ප්‍රභේදය අසාදිත පුද්ගලයෙකුගෙන් පුද්ගලයින් කිහිපදෙනකුට වෛරසය බෝ වීමේ ප්‍රවණතාවය වැඩියි බවත් නිරන්තරයෙන් නිසි පරිදි මුහුණු ආවරණය පැළදීම සිදුකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ප්‍රකාශ කර සිටිනවා.
ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බවත් මෙම සති අන්තයේ අවුරුදු උත්සව පැවැත්වීමෙන් හෝ විනෝද සංචාරය කිරීමෙන් වළකින්න. වගකීමකින් තොරව කටයුතු කලහොත් ශ්‍රී ලංකාවද, ඉන්දියාව මෙන් විය හැකි බැවින් සති අන්තයේ හැකි තරම් සංචරණය කිරීමෙන් වැලකි සිටින්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම වත්මන් කොවිඩ් ප්‍රභේදයත් සමග පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගතවන බැවින් ජනතාව ඒ ගැන අවධානය යොමු කොට වගකීමකින් යුතුව කටයුතු කිරීමට අදිටන් කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.