පාර්ලිමේන්තු සභා ඝර්භය තුල ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දැක්වුවා. එහිදී සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කලේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට පාර්ලිමේන්තුවේ බිම් මහලේදී පහර දීමට තැත් කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇති බවයි.
මේ අතර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කර සිටියේ ඊයේ දිනයේදී ඇතිවූ සිදුවීමට සියලුම මන්ත්‍රීවරුන් වගකිව යුතු බවයි. එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ සභාවේ ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් ජංගම දුරකථනයෙන් ගනු ලැබූ වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැර තිබු බවත් ඇතැම් පිරිස් ඊට අදහස් දක්වමින් කියා ඇති දේවල් අනුව ඉදිරියේදී කිසිදු මන්ත්‍රීවරයෙකුට පාරේ බැහැලා යාමට නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇති බව කියා සිටියා.