පාර්ලිමේන්තුවේ ගැටුම් ගැන සොයා බලන්න සත් පුද්ගල කමිටුවක්

April 22, 2021 at 10:47 AM

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සාමාජික හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර සිටිනවා.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව කථානායකවරයා සිය කණගාටුව ප්‍රකාශ කළ අතර පරීක්ෂණයේ ප්‍රථිපල මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර සිටියා.