මම මේ සාකච්ජාව රටේ ප්‍රධාන නාලිකාවක අද කරානම් ඒ අයට මේක ප්‍රචාරය කරන්න බැහැ – තිස්ස ජනනායක (VIDEO)

April 20, 2021 at 2:18 PM

මෙරට කිරිපිටි කියා විකුණනු ලබන්න විසකාරක බවත් මිලදී ගනු ලබන කිරිපිටි වල ඇත්තේ රසායනික කුඩක් බව ප්‍රවීන දේශක තිස්ස ජනනායක පවසනවා.

Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙරට ජනතාව මිලට ගනු ලබන කිරි පැකට්ටුවක නැත්තේ කිරිපිටි පමණක් බවයි.

මෙවැනි හෙළිදරව්වක් සිදුකිරිමට රටේ කිසිදු ප්‍රධාන මාධ්‍ය ආයතනයක් ඉඩ ලබා නොදෙන බව පැවසූ තිස්ස ජනනායක මහතා, එවැනි කිරිපිටි අලෙවි කරනු ලබන බහුජාතික සමාගම් විසින් මාධ්‍ය ආයතන වෙත විශාල මුදලක් වියදම් කරමින් වෙළෙද දැන්වීම් ලබාදෙන බව පවසා සිටියා.