ඊයේ උදෑසන ජා-ඇල පොලිස් වසමේ ජා-ඇල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ යතුරු පැදියක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන තිබෙනවා.
අදාළ සැකකරු විසින් එලෙස සොරාගෙන ඇත්තේ එම වාහන අලෙවි ආයතනයේ සේවකයෙකුට අයත් යතුරු පැදියක් බවයි වාර්තා වන්නේ.
සැකකරු විසින් අදාළ ආයතනයට ඇතුළු වී එම යතුරු පැදිය සොරා ගෙන යන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරාවලද සටහන්ව තිබුණා.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයන් වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලණිය – 0718591589
සහකාර පොලිස් අධිකාරී කැලණිය – 0718591602
ස්ථානාධිපති ජා-ඇල – 0718591603