මම ඊයේ කිව්ව දේ වැරදියට තේරුම් අරන් : කාදිනල් හිමිපාණන් (VIDEO)

April 19, 2021 at 3:01 PM

තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී මේ මස 21 වෙනිදාට දෙවර්ෂ පුර්ණය වීම නිමිත්තෙන් කරුණු පැහැදිලි කරමින් පැවති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ ප්‍රකාශ කර සිටියා.

“ මම කිව්වේ නැහැ රටේ මුස්ලිම් අන්තවාදයක් ව්‍යාප්ත වාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කිසිම දේශපාලන පක්ෂයක් ගැන නෙමෙයි මම කිව්වේ. මම කතා කලේ ජාත්‍යන්තර වහබ්වාදය ගැනයි. මේ වහබ්වාදය ලෝකයේ බලගතු රටවල අතකොළු බවට පත්වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අන්තර්ජාතික දේශපාලන බලවේග ගැනයි කතා කළේ. නැතුව ලංකවේ දේශපාලන පක්ෂ ගැන නෙමෙයි කතා කලේ”‘ කාදිනල් හිමිපාණන් සඳහන් කර සිටියේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එමෙන්ම අප්‍රේල් 21 වෙනිදා දිවයිනේ සියලුම කතෝලික පාසැල් වලට විශේෂ නිවාඩු දිනයක් ලබා දෙන බවයි මෙහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.

කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.