මීගමුවේ අතුරුදහන් දැරිය හමුවේ

April 18, 2021 at 2:56 PM

මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති  දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා මහජන  සහය පතන බව අප මින් පෙර වාර්තා කළෙමු.

ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී තිබු පැමිණිල්ලක් අනුව ඔවුන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුවයි.

එකී දැරිය ඇයගේ පියාගේ භාරයේ සිට සොයාගෙන තිබේ. ඒ අදාළ දැරියගේ මවගේ අනුදැනුමෙන් තොරව පියා විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටියදී ය.

කෙසේ වෙතත් මව සහ පියා මේ පිළිබඳව එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වී ඇති නිසා දැරිය පරිවාස භාරයයට පත් කිරීමට තීරණය කර තිබේ.