ජනප්‍රිය රංගන ශිල්පී “වීවෙක්” දිවිගමනට සමුදෙයි

April 17, 2021 at 8:15 AM

දමිල සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වන “වීවෙක්” අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මිය යන විට ඔහු 59 වන හැවිරිදි වියේ පසුවූවා.

හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම ජනප්‍රිය රංගන ශිල්පියා ඊයේ දිනයේදී රෝහල් ගත කර තිබුණා.

කෙසේ වුවත් වෛද්‍යවරුන් පැවසුවේ අද අලුයම ඔහු අභාවප්‍රාප්ත වුයේ ඇතිවූ හෘදයාබාධය නිසා ඇතිවූ සංකුලතාවයන් හේතුවෙන් බවයි.

ඉන්දියානු රජය විසින් පිරිනමනු ලබන පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති ඔහු සිය රංගනයෙන් චිත්‍රපට 500 කට වඩා සිය දායකත්වය ලබාදී තිබුණා.