දැරණියගල ප්‍රාදේශීය සභාපති ජල මීටර් සොරකමකට අත් අඩංගුවට

April 17, 2021 at 7:42 AM

ජාතික ජල සම්පාදන මණ්ඩලය දැරනියගල කඹුරුගොමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියක ජල මීටර් 477 සහ තවත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමක් පිළිබඳව පසුගිය මස තිස් වෙනිදා දැරනියගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ගබඩාව භාර ලිපිකරුවෙක් සහ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත්තේ ඒ අනුවයි .

එහිදී ලද තොරතුරු අනුව ඊයේ දිනයේ දී සොරකම් කරන බවට සැක කෙරෙන ජල මීටර් අනු හතක් (97)දැරනියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන තිබෙනවා.

සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මේවා අනවසරයෙන් ළඟ තබාගැනීමේ වරදටයි.

ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ