යාපනය, පේදුරුතුඩුවේ මාර්ග බාධකයක දී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම අද පෙරවරු 7.30ට පමණ සිදුව තිබෙනවා.
ඒ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අණ නොතකා මෙම කැබ් රථය ධාවනය කර ඇති අතර එහිදී නිලධාරීන් විසින් ඇණ ගැසූ ලි කැබලි දෙකක්ද රථය එන මගට විසි කර ඇති අතර, එම ඇණ ඇනීමෙන් ටයර වල සුළං නොමැතිව ද කැබ් රථය ඉදිරියෙන් සිටි විශේෂ කාර්ය බලකා නිලධාරීන් යටකර පළා යෑමට උත්සහ දරා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මේ අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කැබ් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි ප්‍රහාර මධ්‍යයේ කැබ් රථය පළා ගොස් තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
පසුව වෙඩි ප්‍රහාර වැදීමෙන් තුවාල ලැබු අවුරුදු 23ක් සහ 26ක් වන තරුණයින් දෙදෙනෙකු පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් මේ වන විට පලා ගිය කැබ් රථය සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
පේදුරුතුඩුව ප්‍රදේශයේ පිහිටි සොභාවික වැලි නිධියක් ඇති බවත් එම වැලි නිධියේ ආරක්ෂාවට මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රදේශයේ මුරකපොල්ලක් පිහිටුවා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.