චීනයෙන් ලද සහනය (VIDEO)

April 16, 2021 at 7:49 AM

චීනයෙන් ලද ඩොලර් මිලියන 500ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී ඇති බවත් ඒ තුලින් රුපියල ශක්තිමත් කිරීමට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

මිට අමතරව පසුගිය සතියේදී චීනයෙන් “ස්වැප්” ක්‍රමය යටතේ ද ඩොලර් බිලියන 1.5ක පහසුකමක් ලැබී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ විදෙස් මුදල් සංචිතයේ වර්ධනයක් පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.