ජනාධිපතිගෙන් ලද දුරකථන ඇමතුමක් ගැන මන්ත්‍රී විජයදාස රාජපක්ෂ කතා කරයි : සිදුවීම ගැන රජයේ ඇමතිවරයෙකු කරුණු පහදයි (VIDEO)

April 16, 2021 at 2:13 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අද සිය නිවසේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් පවත්වනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් අද දිනයේදී තමන්ට දුරකථන ඇමතුමක් ලැබූ බවයි.

එහිදී ජනාධිපතිතුමා තමන්ට දෝෂාරෝපණයක් එල්ල කළ බවයි මන්ත්‍රීවරයා හෙළිකර සිටියේ.

මේ අතර වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට විජයදාස මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබුවා.

” චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිතුමන්ලා සමග අපි වැඩකරලා තියෙනවා. එහිදී ඒ ජනාධිපතිතුමන්ලා විසින් අපෙන් දුරකථන ඇමතුමක් ලබාදීලා යම් පැහැදිලි කර ගැනීම් සිදුකර තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. එහිදී අපිත් ඒ සජීවී මාධ්‍ය හමුව නැරඹුවා. එතනදී විජයදාස මන්ත්‍රීවරයා කියනවා තමන්ට ජනාධිතිතුමා තර්ජනාත්මකව කතා කළා කියලා. ඒ ජනාධිපතිතුමාගේ දරුවන් දෙදෙනා යම් ප්‍රකාශයක් සිදුකළ බවට අපැහැදිලි තාවයක් ඇතිවී තිබුනා. ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට පැහැදිලි කිරීමක් සිදුකර තිබුනා, තමන් එවැනි ප්‍රකාශයක් සිදුකලේ නැහැ කියා.

ඇත්ත වශයෙන්ම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දුරකථන ඇමතුමක් ලබාදීලා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. එය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙම නැතුව තර්ජනය කිරීමක් සිදුවෙලා නැහැ. ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන මාධ්‍ය සජීවීව ප්‍රචාරණය දෙනවා. නමුත් එතුමාගේ තිබෙන සරලකම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

අද පැවති මාධ්‍ය හමුවේදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයන් පහතින් දැක්වේ,