රන්ජන් බලන්න ඇමති නාමල් බන්ධනාගාරයට එයි

April 16, 2021 at 5:09 PM

සිරගතව සිටින හිටපු මන්ත්‍රි රන්ජන් රාමනායක බැලිමට ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට පැමිණ තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා අද සවස අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා පසුගියදා බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.