ගතවූ පැය 48 තුල රිය අනතුරු වලින් 30දෙනෙකු ජිවිතක්ෂයට

April 16, 2021 at 9:10 AM

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඊයේ දිනයේදී පමණක් සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 12 දෙනෙකුම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර පසුගිය බදාදා සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 14 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව 74 දෙනෙකු තුවාල ලැබූ බවත් ඊයේ සිදුවූ අනතුරු නිසා තවත් 80 දෙනෙක් තුවලා ලබා ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.