රාමසාන් උපවාසයේ නිරතව සිටින අඩු ආදායම්ලාභීන් සඳහා ද රුපියල් 5,000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
“මේක ලබාගැනීමට අවසාන දිනයක් නෑ. ගම්බිම් බලා ගිහින් ඉන්න අයට ආපසු පැමිණි පසු සමෘද්ධි නිලධාරීන් හමුවී ඒ දීමනාව ලබාගන්න පුළුවන්. රාමසාන් උත්සවයේ නිරතව සිටින අඩු ආදායම්ලාභීන් සඳහාත් ඒ දීමනාව ලබාදීම සිදුකරනවා.” යැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.