දිනක් තුල ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 02ක් : ඔක්සිජන් හිඟ කමින් රෝගීන් දැඩි අපහසුවක

April 15, 2021 at 11:52 AM

ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 02ක් ඉක්මවා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ගේ වැඩි වීමත් සමග ප්‍රදේශ රැසක රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර අසාධ්‍ය රෝගීන් හට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට ද දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඉන්දියාවේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා ඇති බවයි එරටින් ලැබෙන දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.

මේ අතර මුමාබායි නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් කොරෝනා රෝගීන් සඳහා වන ප්‍රතිකාර මධස්ථාන බවට පත් කිරීමට ප්‍රාන්ත බලධාරින් සහ පෞද්ගලික රෝහල් විසින් පියවර ගෙන ඇත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ අමතර ඔක්සිජන් ටැංකි ලක්ෂයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවයි.

මේ අතර කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඉහළ යාම නිසා එරට ආදාහනාගාර වල කොවිඩ් මරණ ආදාහනය කිරීම් වැඩිවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම නිසා ඉන්දියාවේ ප්‍රාන්ත රැසක රාත්‍රී කාලයේ සංචරණ සීමා පැනවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.