ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති බවත් ඉන් ඉන් මරණ 10ක් ම ඊයේ දිනය තුළදී සිදුවූ අනතුරු නිසා වාර්තා වුණු මරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එමෙන් ම, ඊයේ දිනය තුළ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් වාර්තා වී ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලැබූ බවයි ඔහු සඳහන් කර සිටියේ.
මිට අමතරව දිවයිනේ සෙසු මාර්ගවල වාර්තාවී ඇති රිය අනතුරු ගණන 109ක් බවත්, වාර්තාවී ඇති මුළු රිය අනතුරු ගණන 121ක් පමණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එම රිය අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 74 දෙනෙකු පමණ වන අතර එලෙස අනතුරට ලක් වූ වාහන අතරින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි (53ක්) බවද සඳහන් කර සිටියා.
අද දිනයේ මෙම තත්ත්වය වැඩි විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මේ අතර ගත වුණු පැය 24 තුළ අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් ගණන 758ක් පමණ බවත් ඊයේ දියත් කළ එම මෙහෙයුම අද දිනයේ ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.