චන්දිමාල් එක්ක වැඩ කරන්න එපා කියලා ප්‍රවීනයන් අපිට කිව්වා : එයාට නෙළුම් පොකුණේ මේක කරන්න ලැබුනේ කැරොලයින් නිසයි : චුලා පද්මේන්ද්‍රන් (VIDEO)

April 15, 2021 at 4:57 PM

කිරුළක් දිනු කිසිවෙකු මෙරටට සේවයක් නොකල බවත් යලිත් වරක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගය පැවැත්විය යුතු බව ජනප්‍රිය නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍රන් ප්‍රකාශ කර සිටිනවා.

තමන් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ දී එහි ඇතිව තිබු තත්ත්වය සම්බන්ධයෙන් හඬක් නැගු බවත් එය කිසිවෙකුත් කන් නොදුන් බව චුලා පද්මේන්ද්‍රන් Hari TV යුටියුබ් නාලිකාවේ ලහිරු මුදලිගේ සමග එක්වෙමින් ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී තමන් බිමත්ව සිටිය බවට එල්ලවූ චෝදනාව අසත්‍ය බවයි ඇය මෙහිදී සඳහන් කර සිටියා.

නෙළුම් පොකුණ රංග ශාලාවට හානි සිදුව ඇති බවට සිදුකරන ලද චෝදනා සියල්ලම ප්‍රතිකෙෂ්ප කරනු ලබනවා. එමෙන්ම නෙළුම් පොකුණ වැනි ස්ථානයක චන්දිමාල් ජයසිංහට මෙම තරගාවලිය පැවැත්වීමට අවස්ථාව ලැබුනේ කැරලොයින් ජුරි නිසා බවයි ප්‍රකාශ කර සිටියේ.

චන්දිමාල් ජයසිංහ වැනි අයෙකු සමග මෙවැනි තරගාවලියක් පැවැත්වීමට තරම් ඔහුට දැනුමක් නොතිබූ බවත් කේෂ්ත්‍රයේ බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් චෝදනා කර සිටියා.