දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක් : වාහන 08ක් එකිනෙක ගැටෙයි

April 14, 2021 at 12:40 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ වාහන 08ක් එකිනෙක ගැටීමෙන් මෙම රිය අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් දක්ශිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන වලට වේග සීමාවකින් යුක්තව වාහන ධාවනය කරන ලෙසද රියැදුරන් ගෙන් ඉල්ලා සිටින බවයි මහා මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියේ.