අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් නිලධාරියට පහර දුන් රියැදුරු අත්අඩංගුවට

April 14, 2021 at 9:32 AM

කුරුඳුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයේ රාජකාරි කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) සවස කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම රියදුරු ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් ඒ පිළිබඳව අදාළ පොලිස් නිලධාරියා ඔහුව දැනුවත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් උරණ වූ මෝටර් රථය රියදුරු අදාළ පොලිස් නිලධාරියාට සාපරාධී බලහත්කාරයපෑමක් සහ පහරදීමක් සිදුකර ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අදාළ රියදුරු ඇල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.