දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැළණිගම අතර අද පෙරවරුවේ රථවාහන 10ක් පමණ එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
අධිවේගී මාර්ගයේ පැවති අධික තදබදය මෙම අනතුර සිදුව තිබුණා.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ අද දිනයේදී අධිවේගී මාර්ගයේ වැඩි වාහන සංඛ්‍යාවක් ගමන් කරන බැවින් වාහන දෙකක් අතර නියමිත පරතරය තබා නොගැනීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීමේදී රියදුරන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද කියා සිටියා.