කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පළකළ වාර්තාවන්ට අනුව මෙරට කොවිඩ් පරීක්ෂණ වලට සාපේක්ෂව ආසාදිතයින් හමුවීම ඉහළයමින් පවතී.
එය සංඛ්‍යාත්මක වශයෙන් පහළ අගයක් , එනම් ගතවූ පැය 24තුළ 141ක් (122+19)වූ අතර PCR පරීක්ෂණ 8165ක් සිදුකර ඇත.
මේ ඊට අනුව පරීක්ෂණ ආසාදිත අනුපාතය 57.9ක් ලෙස ගතවූ දිනයටත් වඩා ඉහළයමින් පවතින බව දැක්වෙන සටහනයි.
මේ මීට මසකට පෙර ආසාදිතයින් සංඛ්‍යාත්මක ලෙස ඉහළ අගයක් ,එනම් ආසාදිතයින් 384ක් (351+33) වාර්තා වූ ආකාරයයි .
ඊට අනුව PCR පරීක්ෂණ 13,049ක් සිදුකර ඇති අතර පරීක්ෂණ ආසාදිත අනුපාතය 34කි.
මීට අනුව සංඛ්‍යාවක් වශයෙන් මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන පහළ බැස ඇතත් PCR පරීක්ෂණ සහ ආසාදිතයින් හමුවිමේ අනුපාතය අනුව ගත් කළ එම තත්ත්වය තවමත් අවදානම් සහගතය.
එළඹෙන උත්සව සමයේදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ එබැවින් ය.