මියන්මාරයේ ඇත්තටම මොනවද වෙන්නේ – ආචාර්ය රංග කලංසුරිය කරන විග්‍රහය (VIDEO)

April 3, 2021 at 10:07 AM

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහත වැටුනත් එරට අගමැති නරේන්ද්‍ර මෝදී ගේ ජනප්‍රියතාවය විශාලත්වයෙන් ඉහළ යමින් තිබෙන බව ආචාර්ය රංග කලංසුරිය ප්‍රකාශ කර සිටිනවා. තමන් විසින්ම විනාශ කළ රාම් – අයෝධ්‍යා හි පිහිටි හින්දු දේවාලය යලි ගොඩනැගීමට මුල්ගල තැබීම සහ කොරෝනා වෛරස පාලනය කිරීම සඳහා ලබාදුන් සහන පැකේජය නිසා මේ වන විට අගමැති නරේන්ද්‍ර මෝදී ගේ ජනප්‍රියතාවය ඉහලින්ම තිබෙන බවයි කියා සිටියේ.

මේ වගේම පිලිපීනයේ ජනාධිපතිවරයා ගේ ජනප්‍රියතාවය සියයට 91ක් වනවා. ඔහුගේ දෙවන ධුර කාලය මේ වන විට ගෙවමින් තිබෙනවා. ඒ එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සිදුකරනු ලබන මෙහෙයුම් ඊට හේතුවයි. ඒ වගේම කොවිඩ් මර්ධන කටයුතු වලදී ඔහු ගේ ක්‍රියාකලාපය දෙවන කරුණ වනවා. නමුත් පිලිපීනය ප්‍රජාතන්ත්‍රවාදයේ දර්ශකය අතින් පහත වැටිලා තිබෙනාවා.

අවුන්සාන් සූකීට බලය ලැබිලත් ඒක කළමණාකරය කරගන්න බැරිවුණා. ඇය අසමත් වෙනවා තමන්ට ලැබුණ බලය යොදාගෙන රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න. වසර 05ක් ඇතුලත සංශෝධන 168ක් සිදුකරන්න අවශ්‍යයි. පසුගිය වසර 05 තුලදී ඇයට සිදුකරන්න හැකිවුයේ සංශෝධන 04ක් පමණයි සිදුකරනු ලබන්නේ. මියන්මාරයේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරනු ලබන්නේ සියයට 25ක් හමුදාවයි.

ඒ වගේම දැනට පාලනය සිදුකරන මියන්මාරයේ හමුදාපතිවරයාට විශාල ව්‍යාපාර ප්‍රමාණයක් හිමිව තිබෙනවා. ලෝක බලවතුන්ට පසුගියදා ආරක්ෂක මණ්ඩලයේදී මියන්මාරය ගැන තීරණයක් ගන්නේ නැතුව විසිරි යන්න සිදුවුනා. ඒ චීනය විසින් තමන්ගේ තිබෙන නිෂේධන බලය නිසා මියන්මාරයට එරෙහිව කිසිදු පියවරක් ගන්න එපා කියා සිදුකළ දැනුම් දීම නිසා අදටත් මියන්මාරයට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකිව තිබෙනවා.