යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමක දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන ඇත. මාර්තු 31 සිට අප්‍රේල් 01 වනදා දක්වා කාලය තුළ සිදුකළ එම මෙහෙයුම් සිදුකර ඇත.
අදාළ මෙහෙයම්වලදී මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ විවිධ දෝෂ තිබු යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.
බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන ඇත.
අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු සම්බන්ධයෙන් ද ක්‍රියාකර ඇති බවද අජිත් රෝහණ පැවසුවේ.
ඊට අමතරව බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
යතුරුපැදිවල තිදෙනෙකු ගමන් කිරීමට අදාළව 248 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇත.
ඉකුත් 31 වනදා ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් අද (03) දිනය දක්වා ක්‍රියාත්මකවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.