මෙරට කොවිෂීල්ඩ් එන්නත්කරණය තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.
මේ වන විට ජනවාරි 29 දා සිට එන්නත්කරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,24000 දෙනෙකුට ලබා දී තිබෙනවා.
ඔවුන් සඳහා දෙවන එන්නත් මාත්‍රාව ල්බා දීම අප්‍රේල් 19 සිට ආරම්භ කිරීමට නියමිතයි .
කෙසේ වෙතත් ඉන්දියාවේ සේරම් ආයතනය කොවිෂීල්ඩ් එන්නත් අපනයනය තාවකාලිකව අත් හිටුවීමට තීරණය කිරීමත් සමග ලංකාවට ලැබීමට නියමිත එන්නත් ද පමා වන බවට මත පළ වුණා.
කෙසේ වෙතත් මෙරට සෞඛ්‍ය අංශ පැවසුවේ ලැබීමට නියමිත එන්නත් පමාවකින් තොරව ලැබෙනු ඇති බවයි.
නමුත් කොවැක්ස් පහසුකම යටතේ එන්නත් ලැබෙනතුරු පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව නැවතූ බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පැවසුවා.